Ignition

Ignition

Wednesday, January 27, 2016

ප්‍රොජෙක්ටරය සහිත ජංගම දුරකථනය - Samsung Galaxy Beam



ජංගම දුරකථන ක්ෂේත්‍රය අද කොතරම් දියුණුද, වර්ථමාණ ලෝකේ බොහෝ සමාගම් තිබෙන අතර  තරගකාරීත්වය නිසාවෙන් ගුණාත්මක බවින් ඉහළ, නවීන පහසුකම් සන්නද්ධ උපාංගයක් ලෝකයාට දායාද කරමින් තම අලවිය ඉහල නන්වා ගැනීම සේම ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් විශාල පර්යේශණ සිදු කරමින් නිර්මාණකරනයේ නැයැලී සිටිම නිසාවෙන් උපාංග පරිශීලක අප අතරට විවිද පහසුකම් සහිත උපාංගයන් ලැබීම නිතරම පාහේ සිදුවේ. වර්ථමාණයෙහි තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම ඉහලය. මෙය සෑම ක්ෂේත්‍රයකටම විහිදුණු දෙයකි. වර්ථමානයේ ජංගම දුරකථන කේෂ්‍රතයට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ සමාගම් අතර තිබෙන තරගකාරීත්වය නිසාවෙනි. 


ප්‍රක්ෂේපණ යන්ත්‍රය, නැත්නම් ප්‍රෙජෙක්ටරය යනු පිරිසක් ඉදිරියේ සිදුකරනු ලබද ඉදිරිපත් කිරීමකදී නැතිවම බැරි උපාංගයක්, රේඩියෝව, කැමරාව, රූපවාහිනිය ආදී වෙනත් බහුමාධ්‍ය උපරකණ මගින් සපයනු ලබන සේවාව සාක්කුවේ දමා ගෙන යා හැකි ආකරයට සරන කර දුන් ජංගම දුරකථනයට පිං සිදු වන්නට දැන් මේ ප්‍රොජෙක්ටරයත් ජංගම දුරකථනය සමග යන යන තැන අරගෙන යන්නට පුළුවන්.

මෙයත් විප්ලවීය ජංගම දුකරථන නිපැයුම්කරුවා සැම්සුන් සමාගමේ විස්මිත නිර්මාණයකි. Samsung I8520 Galaxy Beam නම් මේ ස්මාට් දුරකථනයේ විශේෂත්වය වන්නේ එය සතුව ඇති ප්‍රක්ෂේපන උපාංගයයි. ලුමින 15 ක (15 lumens) දීප්ත අගයක් සහිත මේ ප්‍රොෙජක්ටරය අඟල් 50ක් පළලැති අධි-විභේදන රූප රාමු තිරයක් හෝ බිත්තියක් මතට ප්‍රක්ෂේපනය කරනන්ට පුළුවන්.


Samsung Galaxy Beam දුරකථනයේ විශේෂාංගයන් -:
  • 15-lumen nHD වර්ගයේ ප්‍රොජෙක්ටරය.
  • සිව් පරාස GSM සහාය (GSM 850/900/1800/1900Mhz)
  • 3G සහාය (HSDPA 14.4 Mbps, HSDPA 5.76 Mbps)
  • පික්සල 480 x 800 ක විභේදයක් සහිත වර්ණ මිලියන 16 ක් සහිත අඟල් 4 ක. TFT Capacitive වර්ගයේ ස්පර්ෂ සංවේදී තිරය.
  • 1Ghz වේගයක් සහිත ARM Cortex-A9 වර්ගයේ Dual-Core ප්‍රොසෙසරය හා Mali-400 වර්ගයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය.
  • 768 MB RAM මතකය.
  • 8GB අභ්‍යත්තර මතකය / MicroSD කාඩ් මගින් වැඩිදියුණු කල හැකි.
  • Android v2.3.6 Gingerbread මෙහෙයුම් පද්ධතිය
  • LED Flash සහිත මෙගාපික්සල 05 ක Auto-Focus කැමරාව සහ 720 වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.
  • මේ ලින්ක් එකේ ගිහින් තවත් විස්තර බලන්නග

                              ඔබට සුභ දවසක්!

ඔබේ Blog එකටත් Welcome Bar එකක්



ආයුබොවන්, බ්ලොග් කරන යාළුවො අපි අතර බොහොමයක් සිටිනවා. ඒ හැමෝටම වගේම Web Site කරගෙන යන අයටත් මේක වැදගත්, අපේ Blog එකට හරි Website එකට එන Visitor ට පුංචි පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහක් ගැන ඔයාලට මම අද කියලා දෙන්නම්. මම ගොඩක් දවස් තිස්සෙ මේ ගැන උනන්දුවෙන් හිටියා. ඒත් මීට කලින් මම ගොඩක් ට්‍රයි කලත් හරිහැටි ක්‍රියාත්මක නොවුනා. මෙය දැනටත් පවතිනුවේ Beta (අන්තහදා බැලීමේ නිකුතුවක්) ලෙසටයි. ඒ නිසාවෙන් මේ ප්‍රශ්ණ තිබුනා යැයි මා සිතනවා. ඇත්තටම මේකෙන් අපි Visitor ට මැසේජ් එකක් දීලා එයාට අපේ Blog එක හරි Web Site එක එයා දැනට Log වෙලා ඉන්න Social Networking Site වලට Share කිරීමේ පහසුකම ලැබෙනවා. මෙය ලැබෙන්නෙ Welcome Bar එකක් ලෙසටයි. Bar එකේ Text එකකින් ඔයාගෙ අදහස එයාට කියන්න පුළුවන්, ඒ වගේම අපිට Bar එකට අවශ්‍ය වර්ණයක්, දෙන්නත් පුළුවන්, Share Button එක,Text කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්, ඔයාගෙ මිතුරු අඩවි කිහිපයක් එකතු කර ඒවා අතර මෙම Welcome Bar එකේ Message සහ Sharing Option Change වෙන විදිහටත් සකස් කරගන්න පුළුවන්, මගේ Blog එකට අපු අද දැන් ඔය ටිකක් උඩම තියෙන Bar එකත් දකින්න ඇතිනෙ. පිස්සුවක් දාලා තියෙන්නෙ. හ්ම් ඔයාලත් කැමති නම් ඔයාගෙ බ්ලොග් එකට එකතු කරන්න. මේ පහසුකම අපිට ලබාදෙන්නෙ Addthis.com වෙබ් අඩවියෙන්ය. පහත පින්තූරයේ තියෙන්නේ මේ Welcome Bar එක. 
මගේ Welcome Bar එකත් බලාගන්නකෝ කැමති අය.

අපි බලමු මේක Add කරගන්න විදිහ ඔයාගෙ Blog එකට හරි Web Site එකට හරි. මුලින්ම කරන්න තියෙන්නේ මේ ලින්ක් එකට යන්න Addthis Welcome Bar ඉන්පුසව ඔබට පහත ආකාරයේ Web page එකක් දකින්න පුළුවන්, 


Message : එක විදිහට ඔයාට Welcome Bar එකේ සටහන් කරන්න අවශ්‍ය Text එක ලබාදෙන්න 
Button Action : එක විදිහට Button එක Click කරලාම Blog/Website Social Network එකකට Share කරන්නද, Follow කරන්නද, එහෙමත් නැතිනම් වෙනත් URL එකකට ගමන් කිරීමටද යන්න තෝරා ගන්න. 
Button Text : එක විදිහට Button එකෙහි දැක්විය යුතු අකුරු පෙළ ලියා දමන්න. 
මේ ක්‍රියාදාමයෙන් අනතුරුව Page එකෙහි පහල Scroll කරන්න. එවිට පහත ආකාරයේ Option Window එකක් දක්කට ලැබේවී. 
මෙහිදී ඔබේ බ්ලොග් එකෙහි Welcome Bar එක තුල Background, Message Text, Button, Button Text සදහා අවශ්‍ය වර්ණයන් තෝරාගන්න. මෙම Bar එක Website/Blog විවෘත කර තප්පර ගන්නකින් අතුරු දහන් කර දැමීමට අවශ්‍ය නම් Auto-Dismiss Bar යටතේ After Check Box එක තුල හරි ලකුණ යොදා ඉදිරියේ ඇති Text Box එක තුල තප්පර ගන්න සකස් කරගන්න. දැන් මෙහි සැකසුම් සකස් කර අවසානයේ Grab It බට්න් එක ක්ලික් කරන්න පසුව මෙම Java Script එක කොපි වේවි. අනතුරු ඔබේ Template එකෙහි HTML එක වෙතට පිවිසෙන්න. එහි <head> Tag එකට පහලින් මෙම Script එක Paste කරන්න. පසුව Save කරන්න. 

සැකසුම් Save කිරීමෙන් අනතුරුව ඔබේ Blog එක විවෘත කර බලන්න, Welcome Bar එකක් දක්නට ලැබේවී. ස්තූතියි මෙය කියවූවාට. අලුත් ලිපියකින් යමුවෙමු

Samsung Galaxy S III ස්මාර්ට් ජංගම දුරකථනය




සැම්සුන් සමාගම ජංගම දුරකථන ලොකයේ අංක එකේ නම හිමි කරගෙන තිබේ. මෙම සමාගම දකුණු කොරියානු සමාගමක් වන වන අතර
, මොවුන් දැවැන්තයන් අතර දැවැන්තයෙන් බවට පත්වූයේ ඔවුන් විසින් ඉදිරිපත් කෙරිනු Galaxy S මාදාලියේ ස්මාට් දුරකථන ලෝකයාට හදුන්වාදීවෙන් අනතුරුවයි. මෙම ස්මාර්ට් දුරකථනය හදුන්වාදීවෙන් අනතුරුව සැමැසුන් සමාගම විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තේය. ඔවුන්ගේ නිෂ්පාධන අලෙවිය දිනෙන් දින ඉහල යන්න වුනි. Galaxy S ස්මාට් දුරකථනයන්හි තිබෙන දර්ශණීය නිමාව, නවතම හා ප්‍රභල දෘඩාංග උපාංග සහ විශිෂ්ඨතම මෘදුකාංගයන්හි එකතුවෙන් මෙය නිර්මාණය කර තිබුණි. ඒ අනුව ස්මාට් දුරකථන ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත්ව සිටි ඇපල් සමාග‍ම අභියෝග ලක්කරමින් ලොව ජනප්‍රියම ස්මාට් දුරකථනය Galaxy S ස්මාට් දුරකථනය බවට පත්විය. මෙම Samsung Galaxy S පරම්පරාවේ නවතම සමාජිකයා ලෙසට, Samsung Galaxy S III ස්මාට් දුකරථනය අප අතරට හදුන්වා දුන්නේය. 

Galaxy S III දුරකථනය මීට පෙර නිකුත් කෙරුණු Galaxy S දුරකථන මාදිලි වලට වඩා වෙනස් ආකාරයෙන් නිමවා තිබේ. මෙය වඩාත් ස්භාවික ආකාරයෙන් නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම් කල බව සැම්සුන් සමාගම පවසයි. මීට පෙර නිකුත් කෙරුණු මාදිලි වලදී දාර චතුරස්‍රාකාරව නිමවා තිබුණිඑහෙත් මෙහි කොන් සකස් කර තිබෙන්නේ චක්‍රාකාරයෙන්ය. මෙම දුරකථනය Pebble Blue හා Marble White ලෙස වර්ණ දෙකකින් ලබාගත හැකි ආකාරයට නිපදවා තිබේ. වඩාත් ස්භාවික ආකාරයට නිර්මාණය කරන මෙම දුකරථනය දර්ශණීය නිමාවකින් යුතුවේ. මීට පෙර නිකුත් කරනු ලැනූ Galaxy S පරාම්පරාවේ දුරකථන වලට සාපේක්ෂව ඝණකමද අඩුකර තිබීම නිසා දුරකථනයට මනා හැඩයක් ලැබී තිබේ.


සැම්සුන් සමාගම තිර නිෂ්පාධණයේදී සැම විටම ඉදිරියෙන් සිටින සමාගමකි. ඔබ දන්නවා ඇති. මම කලින් ලිපියකින් දැනුවත් කලා අයි-පෑඩයේ Retina Display තිරයද සැම්සුන් සමාගමේ නිෂ්පාධිතයක් බවට. මෙම නව Samsung Galaxy S III දුරකථනය සදහාද මොවුන් නිපදාවා තිබෙන්නේ ඉතා ඉහල තත්වයේ දර්ශණීය තිරයකි. එය අගල් 4.8 ක HD Supper AMOLED තිරයක් යොදා ඇති අතර එහි Pixel ගණත්වය 309ppi තරම් ඉහල අයගයක් ගනී. මෙහි තිබෙන තිරයෙහි ප්‍රතික්‍රියා කාලයද 0.01ms වන නිසා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක දක්නට ලැබෙන හොදම තිරය මෙය බවටද නම් කල හැකියි. 



දෘඩාංග පහසුකම්  :-
  • Exynos වර්ගයේ 1.4 GHz Quad Core ප්‍රොසෙසරය.
  • 1GB RAM මතකය.
  • අභ්‍යන්තර මතක ධාරිතාවය 16 GB වන අතර, අවශ්‍ය නම් Micro SD කාඩ්පත් 64GB දක්වා යෙදිය හැක.
  • වැඩි කාලයක් ක්‍රියා කරන 2,100mAh බැටරිය.
  • LED Flash සහාය සහිත මෙගා පික්සල 8 ක ප්‍රධාන කැමරාව සහ මෙගා පික්සල 2 ක ඉදිරිපස හැමරාව.
  • 3G සහ 4G LTE අන්තර්ජාල සම්බන්ධතාව
  • WiFi, Bluetooth 4.0, NFC සහ GPRS/GLONASS සම්බන්ධතාවයන්.
  • Accelerometer, RGB light, Digital Compass, Proximity, Gyroscope හා Barometer ලෙස සංවේදකයන් හයක් අඩංගු කර තිබේ.



මීට පෙර Galaxy S දුරකථන මාදිලි සේම S III බලගැන්වෙන්නේද නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකි. එනි නවතන නිපදවීම වන Android 4.0.4 Ice Cream Sandwich මෘදුකාංගකයයි. දුරකථනය ඉහල දෘඩාංග රාශියකින් නිෂ්පාධනය කරලීම සේම, ලොව ප්‍රභල දුකරථන මෙහෙයුම් පද්ධතියක සදහ දැක්වීම නිසා දුරකථණයෙන් උපරිම ඵල නෙලා ගැනීමට පරිශීලක ඔබට පුළුවන. මෙයට නවතව අංගයන්ද රාශියක් එක් කර තිබීම තවත් විශේෂයි.
මෙහි දක්නට ලැබෙන නවතම අංගයක් ලෙස Smart Stay විශේෂාංගය හැදින්විය හැකියි. මෙමගින් සිදුවන්නේ Galaxy S III හි ඉදිරිපස කැමරාව මගින් පරිශීලකයායේ ඇසේ චලනයන් හා පිහිටීම හදුනාගැනීමයි. ඔබ දුරකථන අතේ තියාගෙන සිටියත් දෑස් වෙනතකට යොදු කර තිබේ නම් Smart Stay ආදාරයෙන් දුරකථනයේ තිරය ඉබේම Dim වන ලෙසට සකස් කර තිබේ. ඒ නිසාවෙන් දුරකථනයේ බිදුලි බලය පිරිමැසේ.  මෙහි දක්කනය ලැබෙන අනෙකුත් පහසුකමක් වන්නේ S Beam නම් පහසුකමයි. මෙමගින් NFC හා WiFi Direct යන සම්බන්ධතා ඔස්සේ උපාංග අතර ගොනු හුවමාරු කිරීමට හැකිය.


නව Galaxy S III ස්මාට් දුරකථනය සතු තවත් විශේෂ ගුණාංගයක් වන්නේ එයට පරිශීලකයාගේ චලනයන් හා කටහඬට අනුකූලව ප්‍රතිචාර දැක්විය හැකි වීමයි. S Voice නම් මෘදුකාංග පහසුකම මගින් ඔබ පවසන දෙය අනුව දුකරථනයට විධාන ලබාදිය හැකි ඇත මුලු දුරකථන ක්‍රියාකාරිත්වයම ඔබට කටහඩ මගින් හැසිරවිය හැකියි. අන්තර්ජාලයේ සෙවුමක, දුරකථන මතකයේ ඇති Contact එකක් හෝ File එකක් සෙවීමට මෙන්ම ගීතයක්, විඩියෝවක් පාලනය කිරීමටද ශබට කට හඬ භාවිත කළ හැකියි. මෙය Apple Siri මෘදුකාංගයකට සමාන යෙදුමකි. 


මේ නව දුරකථනයේ අඩංගු පමා රහිත (Zero-Lag) කැමරා ෂටරය මගින් එක් තත්පරයක් තුළ රූපරාමු 3 කටත් වඩා හසු කරගනු ලබයි. එටස් ලබාගන්නා ඡායාරූප ගොන්නෙන් හොදම ඡායාරූපය තෝරා දීමට එය සමත්ය. එසේම ඡායාරූපයේ මුහුණු මත දෙවරක් තට්ටු කල විගස විශාල කර පෙන්වීමද සිදුකරයි. AllShare පහසුකම මගින් HDMI තිරයක් සමග පහසුවෙන් Share කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. එසේම Pop-up Play පහසුකම මගින් ඔබ වෙනත් වැඩක යෙදෙන අතරතුරම ඔබේ වීඩියෝව හෝ ගීතය තිරයේ පසෙක කුඩා කොටුවක ධාවනය වෙමින් පවතිනු ඇත. එකවර වැඩ කීපයක් කරනා විට මෙය ප්‍රයෝජනවත් පහසුකමකි.

අමතර උපාංගයක් ලෙස තිර ආක්ෂක වැස්මක් ද, වාහන හා පුද්ගල පරිගණක සඳහා Docking Stations එකක්ද, රැහැන් රහිත චාජරයද, විශේෂ ඩොංගලය හා HDMI ඇඩැප්ටරයද දැක්විය හැකියි. මේ සියළු පහසුම් ද සමගින් Samsung Galaxy S III ස්මාට් දුරකථනය ඉතා චමත්කාරජනක අත්දැකීමක් ඔබ වෙතට ගෙන එන බැව නිසැකය. අති විශිෂ්ට තිරය හා රූප තත්ත්වයද, අති ප්‍රභල ප්‍රධාන ප්‍රොසෙසරය හා විඩීයෝ ප්‍රොසෙසරය මගින් ලබාදෙන ජවයද සමගින් විශිෂ්ට මෘදුකාංග එකතුවකින් බල ගැන්වුනු Galaxy S III ස්මාට් දුරකථනය මැයි මස අවසානයේ වෙළදපොලට නිකුත් කරන්නට යෙදුනු අතර එතැන් පටන් එය මිලදීගැනීමට බොහෝ පිරිසක් පැමිනියේය.

දුරකථන ක්ෂේත්‍රයේ මහත් පෙරලියක් ඇති කරන දුරකථනයක් පිළීබවද ඔබ නොදත් මෙම පොස්ට් එකෙන් දැනගක්කට ඇතැයි සිතමි.

CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය



අප අතර සිටින බොහොමයක් පිරිසක් ග්‍රැෆික් නිර්මාණකරණයට මහත් උනන්දුවක් දක්වනවා. එදි නෙදා භාවිතයේ නිර්මාණය කරගැනීමටඅවශ්‍ය වන දෑ තමාගෙ මහන්සියෙන් නිර්මාණය කරීමට ඔවුන් පෙළබීම පැසසුම් සහගතයි. මන්ද මෙම ක්ෂේත්‍රය මීට පෙර කුඩා පිරිසකටසීමා වී තිබුණි. මෙහි තිබූ වටිනාකම නිසාවෙන්, අප අතර සිටින බොහෝ පිරිසක් මේ හා සම්බන්ධ විවිධ පාඨමාලාවන් හදාරා මේ පිළිබදවදැනුමක් ලැබාගැනීමට මහත් උනන්දුවක් දැක්වූවෙමි. මේ නිසාවෙන් ඔවුන් රැකියා අවස්ථාවන්ද උදාකරගෙන තිබේ. නිර්මාණකරණසිදුකීමට නම්, ඉවසීම අනිවාර්ය වේ, ඒ වගේම සහජයෙන් පැමැණි දක්ෂතාවයක් තිබිය යුතුයි. මූලික ක්‍රියාපිළිවෙත හදුනන පුද්ගලයෙන්නිර්මාණය කරුවෙක් යටතට වර්ග කල නොහැකි. ඔහුට හොද දැක්මක් තිබිය යුතිමයි. තවත් කෙනෙකුගේ සිත් ඇතගන්නා සුළුනිර්මාණයක් කරලීමට ඔහුට හැකි නම් ඔහු නිර්මාණ කරුවෙකි. මේ ක්ෂේත්‍රයේ නියැලීමට නම් පළපුරුද්ද අනිවාරය වේ. ඔබ සතු හැකියාවභාවිත කරමින් නව නිර්මාණ කිරීමට ඔබ නියැලෙන්නේ නම් ඔබට ලැබෙන අත්දැකීම ප්‍රමාණය මහත් ඉහළයි. ඉදිරියට ගමන් කිරීමට ඒඅත්දැකීම් රුකුලක් වනවා නොඅනුමානයි. අපි අද බලමු මෙම ග්‍රැෆික් ක්ෂේත්‍රෙය් නියැලෙන අයෙකුට නැතිව බැරි මෘදුකාංගක්සම්බන්ධයෙන්. මෙය ඇත්තටම ඔබ අප කවුරුත් හදුනන මෘදුකාංගයක නව සංස්කරණයකි.
ග්‍රැෆික් නිර්මාණ කරණයේදී CorelDRAW හට හදුන්වන්නේ වෙක්ටර් රූප නිර්මාණ කරණයේ ප්‍රමුඛයා ලෙසටයි. මෙම CorelDRAWගැෆික් මෘදුකාංගයෙහි කට්ටලයෙහි නමතම සංස්කරණය CorelDRAW Graphics Suite X6 පසුගිය එළි දැක්වුණි. මෙම අලුත් සංස්කරණයපෙර පැවති සංස්කරනයන්ට සාපේක්ෂව නව වෙනස් කම් රාශියක් ඇතුළත් කරමින් පෙරට වභා බලසම්පන්න කර, පරිශීලකයාගේ පහසුවඋදෙසා කැප වී ක්‍රියාකර ඇත. CorelDRAW මෘදුකාංගය වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණ කරණයේ සිට පිටු සැකසුම් ක්‍රියාවලි දක්වා බලසම්පන්න කර තිබේ. මේ නිසාවෙන් සඟරා, පත්‍රිකා, අක්ෂර නිර්මාණ ආදී සියලුම ක්‍රියාවලි සදහා මෙම නව සංස්කරණය බොහෙවින්මඔබට උපකාර කරයි.


මෘදුකාංගයයි. මෙම මෘදුකාංගයටඅමතරව Adobe Photoshop මෘදුකාංගයට සමානකමක් දක්වන Corel Photo Paint මෘදුකාංගයද මෙහි තිබෙන විශේෂිත මෘදුකාංයකි. මීටඅමතරව Font කළමනාකරණය සදහා Bitstream Font Navigator මෘදුකාංගයද, පහසුවෙන් ScreenShots ලබාගැනීම සදහා Corel Captureමෘදුකාංගයද, ඩිජිටල් ගොනු කළමනාකරණය උපයෝගිතා මෘදුකාංගයක් වන Corel Connect හා වෙනම බාගත කල හැකි වෙබ් නිර්මාණමෘදුකාංගයක් වූ Corel Website Creator මෘදුකාංගයද මෙම CorelDRAW Graphics Suite X6 නවතම සංස්කරණයට ඇතුළත් වේ.

CorelDRAW Graphics Suite X6 මෙම නව සංස්කරණය සමඟ සිදු කර ඇති ප්‍රධාන වෙනස්කම් අතර කැපී පෙනෙනෙ වෙනස්කමක්වන්නේ 64bit සදහා සහය දක්වන ආකාරයෙන් නිර්මාණය කරලීමයි. මේ නිසාවෙන් කොරල් ඩ්‍රෝ මෘදුකාංගය වඩාත් වේගයෙන්ක්‍රියාකරවා වැඩ ගැනීමට පුළුවන. 64bit සහය ලැබෙන නිසා Multi-Core Processor සහිත පරිගණක සදහා මෙය Install කරගැනීමේහැකියාව හිමිවේ. ඒ නිසාවෙන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකරවා ගත හැකියි. මෙහි Copy, Paste, Export, Print වඩාත් වේගවත්වන බවදක්වා තිබේ.


කොරල් ඩ්‍රෝ X6 හි Interface එක පෙර සංස්කරනයන්ට වඩා නවීකරණය කර තිබේ. මේ අතරින් කැපී පෙනෙන වෙනස්කමක් වන්නේObject Properties Decker වින්ඩෝව තුළ සිදුකර ඇති වෙනස්කමයි. පෙර ටැබ් ආකරයට තිබූ සැකසුම් මෙහිදී එකම දිගු ලැයිස්තුවක්ආකාරයට එකම වින්ඩෝ එකක් තුළට ලබාගෙන ඇත. හදුනාගැනීමේ පහසුව සදහා ඒ සැකසුම් ටැබ් ආකාරයෙන් වෙන් කොට තිබේ.අවශ්‍ය ටැබ් එක මත කලික් කල විට, ටැබ් එක ස්ක්‍රෝල් වීමට සැකසුම් සකස් කර තිබේ. 

මීට අමතරව මෙම නව සංස්කරණයෙහි Page Numbering (පිටු අංකනය) පහසුමද ලබාදී තිබේ. එසේම වඩාත් පහසුවෙන් Page Layoutඑකෙහි ප්‍රමාණය Change කර ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ. Lorem Ipsum නම් ටූලයක් එක් කර ඇති අතර එය මගින් ඉතාපහසුවෙන්ම Placeholder Text යෙදිය හැකිය. එවගේම එක් තනි බට්න් එක මාර්ගයෙන් සියලුම ටෙක්ස්ට් අයිතම පාදම් රේඛාව වෙත Alignකිරීමට හැකිය. මේ වගේම අක්ෂර නිර්මාණය කරණයේ සිටිය අයට පහසුවෙන් නිර්මාණය කරගැනීමට සදහා අවශ්‍ය පසුබිම X6 හරහාඔබට ලබාදී ඇත. 

වෙක්ටර් ග්‍රැෆික් කටයුතුවල යෙදෙන අයට Smear, Twirl, Attract සහ Repel ලෙස නව Tools කිහිපයක් හදුන්වා දී තිබේ. මේ අනුව එකරූපයක තිබෙන Point කිහිපයක් එකි නෙක වෙනස් නොකොට..එක් Point එකක් වෙනස් කෝට අනෙකුත් කොටස් සියල්ල ඒ හරහාවෙනස් කරගැනීමේ පහසුකම සැලසේ. X6 සමඟ ලැබෙන Corel PhotoPaint නව සංස්කරණයෙහි දක්නට තිබෙන ප්‍රධාන වෙනස්මක්වන්නේ Smart Carver පහසුකම හදුන්වාදීමය. එය භාවිත කරමින් ඉමේජයක තිබේන අනවශ්‍ය වස්තුවක් තෝරා එක පහසුවෙන් ඉවත් කරදැමීමේ හැකියාවයි. 


මෙම නව පහසුකම් සහිත Corel DRAW මෘදුකාංග කට්ටලය නිර්මාණ කරණයේ නියැලෙන්නෙකුට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයවිශේෂයකි. ග්‍රැෆික් නිර්මාණ කරණයේ රාජකීය කිරුණ දිනා සිටින Adobe Photoshop මෘදුකාංග කට්ටලයට අභියෝග කල හැකිනිර්මාණයක් X6 යටතේ ඔවුනට ලබැදීමට හැකිව තිබේ. මෙම Corel DRAW මෘදුකාංග කට්ටලය Adobe මෘදුකාංග කට්ටලය මෙන් අධිමිලක් අය නොකෙරේ..ඔවුන්ගේ මිලට සාධාරණ අයුරින් මෘදුකාංග නිර්මාණය කර තිබේ. එහෙත් මෙම මෘදුකාංග ලාකීය සමාජයේකවුරුන්ද මිලදී ගන්නේ     පහළින් අවශ්‍ය අයට Download කරගන්න පුළුවන්.
මේ ලිපිය ඔයාලා හැමෝටම වැදගත් වේවි. කියවලා ඔයාගෙ අදහස් එහෙම Comment එකකින් දාලා යන්න. බ්ලොග් එකට පොඩිසහයෝගයක් විදිහට Follow පාරක් දාලා යන්න. . ලිපිය කියවූ සැමට ස්තුතියි. තවත්දවසක අලුත් දෙයක් අරගෙන එන්නම්  සුබ දවසක් වේවා