Ignition

Ignition

Wednesday, January 27, 2016

ප්‍රොජෙක්ටරය සහිත ජංගම දුරකථනය - Samsung Galaxy Beam



ජංගම දුරකථන ක්ෂේත්‍රය අද කොතරම් දියුණුද, වර්ථමාණ ලෝකේ බොහෝ සමාගම් තිබෙන අතර  තරගකාරීත්වය නිසාවෙන් ගුණාත්මක බවින් ඉහළ, නවීන පහසුකම් සන්නද්ධ උපාංගයක් ලෝකයාට දායාද කරමින් තම අලවිය ඉහල නන්වා ගැනීම සේම ඔවුන්ගේ දියුණුව අපේක්ෂාවෙන් විශාල පර්යේශණ සිදු කරමින් නිර්මාණකරනයේ නැයැලී සිටිම නිසාවෙන් උපාංග පරිශීලක අප අතරට විවිද පහසුකම් සහිත උපාංගයන් ලැබීම නිතරම පාහේ සිදුවේ. වර්ථමාණයෙහි තාක්ෂණයේ දියුණුව බෙහෙවින්ම ඉහලය. මෙය සෑම ක්ෂේත්‍රයකටම විහිදුණු දෙයකි. වර්ථමානයේ ජංගම දුරකථන කේෂ්‍රතයට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ සමාගම් අතර තිබෙන තරගකාරීත්වය නිසාවෙනි. 


ප්‍රක්ෂේපණ යන්ත්‍රය, නැත්නම් ප්‍රෙජෙක්ටරය යනු පිරිසක් ඉදිරියේ සිදුකරනු ලබද ඉදිරිපත් කිරීමකදී නැතිවම බැරි උපාංගයක්, රේඩියෝව, කැමරාව, රූපවාහිනිය ආදී වෙනත් බහුමාධ්‍ය උපරකණ මගින් සපයනු ලබන සේවාව සාක්කුවේ දමා ගෙන යා හැකි ආකරයට සරන කර දුන් ජංගම දුරකථනයට පිං සිදු වන්නට දැන් මේ ප්‍රොජෙක්ටරයත් ජංගම දුරකථනය සමග යන යන තැන අරගෙන යන්නට පුළුවන්.

මෙයත් විප්ලවීය ජංගම දුකරථන නිපැයුම්කරුවා සැම්සුන් සමාගමේ විස්මිත නිර්මාණයකි. Samsung I8520 Galaxy Beam නම් මේ ස්මාට් දුරකථනයේ විශේෂත්වය වන්නේ එය සතුව ඇති ප්‍රක්ෂේපන උපාංගයයි. ලුමින 15 ක (15 lumens) දීප්ත අගයක් සහිත මේ ප්‍රොෙජක්ටරය අඟල් 50ක් පළලැති අධි-විභේදන රූප රාමු තිරයක් හෝ බිත්තියක් මතට ප්‍රක්ෂේපනය කරනන්ට පුළුවන්.


Samsung Galaxy Beam දුරකථනයේ විශේෂාංගයන් -:
  • 15-lumen nHD වර්ගයේ ප්‍රොජෙක්ටරය.
  • සිව් පරාස GSM සහාය (GSM 850/900/1800/1900Mhz)
  • 3G සහාය (HSDPA 14.4 Mbps, HSDPA 5.76 Mbps)
  • පික්සල 480 x 800 ක විභේදයක් සහිත වර්ණ මිලියන 16 ක් සහිත අඟල් 4 ක. TFT Capacitive වර්ගයේ ස්පර්ෂ සංවේදී තිරය.
  • 1Ghz වේගයක් සහිත ARM Cortex-A9 වර්ගයේ Dual-Core ප්‍රොසෙසරය හා Mali-400 වර්ගයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය.
  • 768 MB RAM මතකය.
  • 8GB අභ්‍යත්තර මතකය / MicroSD කාඩ් මගින් වැඩිදියුණු කල හැකි.
  • Android v2.3.6 Gingerbread මෙහෙයුම් පද්ධතිය
  • LED Flash සහිත මෙගාපික්සල 05 ක Auto-Focus කැමරාව සහ 720 වීඩියෝ පටිගත කිරීමේ හැකියාව.
  • මේ ලින්ක් එකේ ගිහින් තවත් විස්තර බලන්නග

                              ඔබට සුභ දවසක්!

1 comment:

  1. 1xbet | 1xbet | Bet with a Bonus - RMC | Riders Casino
    1XBet allows gri-go.com you to bet on any favourite horse races or any other sporting 1등 사이트 event. ✓ Get up to £300 + 200 1xbet korean Free Spins No Deposit https://sol.edu.kg/

    ReplyDelete