Ignition

Ignition

Wednesday, January 27, 2016

Samsung Galaxy S III ස්මාර්ට් ජංගම දුරකථනය




සැම්සුන් සමාගම ජංගම දුරකථන ලොකයේ අංක එකේ නම හිමි කරගෙන තිබේ. මෙම සමාගම දකුණු කොරියානු සමාගමක් වන වන අතර
, මොවුන් දැවැන්තයන් අතර දැවැන්තයෙන් බවට පත්වූයේ ඔවුන් විසින් ඉදිරිපත් කෙරිනු Galaxy S මාදාලියේ ස්මාට් දුරකථන ලෝකයාට හදුන්වාදීවෙන් අනතුරුවයි. මෙම ස්මාර්ට් දුරකථනය හදුන්වාදීවෙන් අනතුරුව සැමැසුන් සමාගම විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තේය. ඔවුන්ගේ නිෂ්පාධන අලෙවිය දිනෙන් දින ඉහල යන්න වුනි. Galaxy S ස්මාට් දුරකථනයන්හි තිබෙන දර්ශණීය නිමාව, නවතම හා ප්‍රභල දෘඩාංග උපාංග සහ විශිෂ්ඨතම මෘදුකාංගයන්හි එකතුවෙන් මෙය නිර්මාණය කර තිබුණි. ඒ අනුව ස්මාට් දුරකථන ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත්ව සිටි ඇපල් සමාග‍ම අභියෝග ලක්කරමින් ලොව ජනප්‍රියම ස්මාට් දුරකථනය Galaxy S ස්මාට් දුරකථනය බවට පත්විය. මෙම Samsung Galaxy S පරම්පරාවේ නවතම සමාජිකයා ලෙසට, Samsung Galaxy S III ස්මාට් දුකරථනය අප අතරට හදුන්වා දුන්නේය. 

Galaxy S III දුරකථනය මීට පෙර නිකුත් කෙරුණු Galaxy S දුරකථන මාදිලි වලට වඩා වෙනස් ආකාරයෙන් නිමවා තිබේ. මෙය වඩාත් ස්භාවික ආකාරයෙන් නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම් කල බව සැම්සුන් සමාගම පවසයි. මීට පෙර නිකුත් කෙරුණු මාදිලි වලදී දාර චතුරස්‍රාකාරව නිමවා තිබුණිඑහෙත් මෙහි කොන් සකස් කර තිබෙන්නේ චක්‍රාකාරයෙන්ය. මෙම දුරකථනය Pebble Blue හා Marble White ලෙස වර්ණ දෙකකින් ලබාගත හැකි ආකාරයට නිපදවා තිබේ. වඩාත් ස්භාවික ආකාරයට නිර්මාණය කරන මෙම දුකරථනය දර්ශණීය නිමාවකින් යුතුවේ. මීට පෙර නිකුත් කරනු ලැනූ Galaxy S පරාම්පරාවේ දුරකථන වලට සාපේක්ෂව ඝණකමද අඩුකර තිබීම නිසා දුරකථනයට මනා හැඩයක් ලැබී තිබේ.


සැම්සුන් සමාගම තිර නිෂ්පාධණයේදී සැම විටම ඉදිරියෙන් සිටින සමාගමකි. ඔබ දන්නවා ඇති. මම කලින් ලිපියකින් දැනුවත් කලා අයි-පෑඩයේ Retina Display තිරයද සැම්සුන් සමාගමේ නිෂ්පාධිතයක් බවට. මෙම නව Samsung Galaxy S III දුරකථනය සදහාද මොවුන් නිපදාවා තිබෙන්නේ ඉතා ඉහල තත්වයේ දර්ශණීය තිරයකි. එය අගල් 4.8 ක HD Supper AMOLED තිරයක් යොදා ඇති අතර එහි Pixel ගණත්වය 309ppi තරම් ඉහල අයගයක් ගනී. මෙහි තිබෙන තිරයෙහි ප්‍රතික්‍රියා කාලයද 0.01ms වන නිසා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක දක්නට ලැබෙන හොදම තිරය මෙය බවටද නම් කල හැකියි. 



දෘඩාංග පහසුකම්  :-
  • Exynos වර්ගයේ 1.4 GHz Quad Core ප්‍රොසෙසරය.
  • 1GB RAM මතකය.
  • අභ්‍යන්තර මතක ධාරිතාවය 16 GB වන අතර, අවශ්‍ය නම් Micro SD කාඩ්පත් 64GB දක්වා යෙදිය හැක.
  • වැඩි කාලයක් ක්‍රියා කරන 2,100mAh බැටරිය.
  • LED Flash සහාය සහිත මෙගා පික්සල 8 ක ප්‍රධාන කැමරාව සහ මෙගා පික්සල 2 ක ඉදිරිපස හැමරාව.
  • 3G සහ 4G LTE අන්තර්ජාල සම්බන්ධතාව
  • WiFi, Bluetooth 4.0, NFC සහ GPRS/GLONASS සම්බන්ධතාවයන්.
  • Accelerometer, RGB light, Digital Compass, Proximity, Gyroscope හා Barometer ලෙස සංවේදකයන් හයක් අඩංගු කර තිබේ.



මීට පෙර Galaxy S දුරකථන මාදිලි සේම S III බලගැන්වෙන්නේද නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකි. එනි නවතන නිපදවීම වන Android 4.0.4 Ice Cream Sandwich මෘදුකාංගකයයි. දුරකථනය ඉහල දෘඩාංග රාශියකින් නිෂ්පාධනය කරලීම සේම, ලොව ප්‍රභල දුකරථන මෙහෙයුම් පද්ධතියක සදහ දැක්වීම නිසා දුරකථණයෙන් උපරිම ඵල නෙලා ගැනීමට පරිශීලක ඔබට පුළුවන. මෙයට නවතව අංගයන්ද රාශියක් එක් කර තිබීම තවත් විශේෂයි.
මෙහි දක්නට ලැබෙන නවතම අංගයක් ලෙස Smart Stay විශේෂාංගය හැදින්විය හැකියි. මෙමගින් සිදුවන්නේ Galaxy S III හි ඉදිරිපස කැමරාව මගින් පරිශීලකයායේ ඇසේ චලනයන් හා පිහිටීම හදුනාගැනීමයි. ඔබ දුරකථන අතේ තියාගෙන සිටියත් දෑස් වෙනතකට යොදු කර තිබේ නම් Smart Stay ආදාරයෙන් දුරකථනයේ තිරය ඉබේම Dim වන ලෙසට සකස් කර තිබේ. ඒ නිසාවෙන් දුරකථනයේ බිදුලි බලය පිරිමැසේ.  මෙහි දක්කනය ලැබෙන අනෙකුත් පහසුකමක් වන්නේ S Beam නම් පහසුකමයි. මෙමගින් NFC හා WiFi Direct යන සම්බන්ධතා ඔස්සේ උපාංග අතර ගොනු හුවමාරු කිරීමට හැකිය.


නව Galaxy S III ස්මාට් දුරකථනය සතු තවත් විශේෂ ගුණාංගයක් වන්නේ එයට පරිශීලකයාගේ චලනයන් හා කටහඬට අනුකූලව ප්‍රතිචාර දැක්විය හැකි වීමයි. S Voice නම් මෘදුකාංග පහසුකම මගින් ඔබ පවසන දෙය අනුව දුකරථනයට විධාන ලබාදිය හැකි ඇත මුලු දුරකථන ක්‍රියාකාරිත්වයම ඔබට කටහඩ මගින් හැසිරවිය හැකියි. අන්තර්ජාලයේ සෙවුමක, දුරකථන මතකයේ ඇති Contact එකක් හෝ File එකක් සෙවීමට මෙන්ම ගීතයක්, විඩියෝවක් පාලනය කිරීමටද ශබට කට හඬ භාවිත කළ හැකියි. මෙය Apple Siri මෘදුකාංගයකට සමාන යෙදුමකි. 


මේ නව දුරකථනයේ අඩංගු පමා රහිත (Zero-Lag) කැමරා ෂටරය මගින් එක් තත්පරයක් තුළ රූපරාමු 3 කටත් වඩා හසු කරගනු ලබයි. එටස් ලබාගන්නා ඡායාරූප ගොන්නෙන් හොදම ඡායාරූපය තෝරා දීමට එය සමත්ය. එසේම ඡායාරූපයේ මුහුණු මත දෙවරක් තට්ටු කල විගස විශාල කර පෙන්වීමද සිදුකරයි. AllShare පහසුකම මගින් HDMI තිරයක් සමග පහසුවෙන් Share කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. එසේම Pop-up Play පහසුකම මගින් ඔබ වෙනත් වැඩක යෙදෙන අතරතුරම ඔබේ වීඩියෝව හෝ ගීතය තිරයේ පසෙක කුඩා කොටුවක ධාවනය වෙමින් පවතිනු ඇත. එකවර වැඩ කීපයක් කරනා විට මෙය ප්‍රයෝජනවත් පහසුකමකි.

අමතර උපාංගයක් ලෙස තිර ආක්ෂක වැස්මක් ද, වාහන හා පුද්ගල පරිගණක සඳහා Docking Stations එකක්ද, රැහැන් රහිත චාජරයද, විශේෂ ඩොංගලය හා HDMI ඇඩැප්ටරයද දැක්විය හැකියි. මේ සියළු පහසුම් ද සමගින් Samsung Galaxy S III ස්මාට් දුරකථනය ඉතා චමත්කාරජනක අත්දැකීමක් ඔබ වෙතට ගෙන එන බැව නිසැකය. අති විශිෂ්ට තිරය හා රූප තත්ත්වයද, අති ප්‍රභල ප්‍රධාන ප්‍රොසෙසරය හා විඩීයෝ ප්‍රොසෙසරය මගින් ලබාදෙන ජවයද සමගින් විශිෂ්ට මෘදුකාංග එකතුවකින් බල ගැන්වුනු Galaxy S III ස්මාට් දුරකථනය මැයි මස අවසානයේ වෙළදපොලට නිකුත් කරන්නට යෙදුනු අතර එතැන් පටන් එය මිලදීගැනීමට බොහෝ පිරිසක් පැමිනියේය.

දුරකථන ක්ෂේත්‍රයේ මහත් පෙරලියක් ඇති කරන දුරකථනයක් පිළීබවද ඔබ නොදත් මෙම පොස්ට් එකෙන් දැනගක්කට ඇතැයි සිතමි.

No comments:

Post a Comment