Ignition

Ignition

Friday, February 19, 2016

පරිගණකයේ ඉතිහාසය-3 පාඩම



පරිගණකයේ ඉතිහාසය



දැන් අපි පරිගණකයේ ඉතිහාසය පිලිබදව සොයා බලමු. ලොව ප්‍රතම කොම්පියුටර් ගණකය නිපදවන ලද්දේ චීනයේය.

එය ඇබකස්(ABACUS)නමින් හැදින්වු සෘජුකෝණාස්‍රාකාර දඩු රාමුවක යෙදූ හරස් දඩුවල චලනය කර හැකි බෝල සමූහයකින් යුක්ත විය. අද පවතින ගණකරාමුව එහි ආකෘතියට නිදසුනකි.

ඉන් පසු ක්‍රි.. 1642 දී පමණ ප්‍රථම යාන්ත්‍රික ගණකය ප්‍රංශ ජාතික ගණිතඥයකු වූ බ්ලේස් පැස්කල් (Blaise Pascal) විසින් නිපදවන ලදී. මෙය කරකැවෙන ගියර රෝද හා දඩු වලින් යුක්ත විය.




ක්‍රි.. 1883 දී පමණ චාල්ස් බැබේජ් Charles Babbage විසින් ප්‍රථම සංවර්ධිත කොම්පියුටරය නිපදවන ලදී.එය යාන්ත්‍රික උපකරණයක් වු DIFFERNCE ENGINE ආන්තර එන්ජිම ලෙස හදුන්වනු ලැබේ.



ඉන් පසු 20 වැනි සියවසේදී නිපදවු පරිගණක නව යුගයට අයත් ඒවා විය. එම පරිගණක ENIAC (Electronic Numeric Integrator And Calculator) යනුවෙන් හදුන්වනු ලැබේ. නව පරිගණකයන්ගේ විකාශණ යුග පහකට බෙදා දක්වනු ලැබේ ඒ පිලිබදව විමසා බලමු.


ENIAC වර්ගයේ පරිගණකයන්හි විකාශණයේ යුග පහ.

1)    පලමුවැනි යුගය --1945-1959

මෙම වකවානුවේ නිපදවු පරිගණක වල රික්තක නල කපාට වැනි අපාංග භාවිත කරන ලදී. ඉතාවිශාල ප්‍රමාණයෙන් යුක්ත විය. දල වශයෙන් එක් පරිගණකයක බර ටොන් 25ක් පමණ විය. රික්තක නල 18000 ක් පමණ හාවිත කරන ලදී. වර්ග මීටර් 1500 ක තරම බිමක් එම පරිගණකය වසා ගන්නා ලදී. මිල අධික විය. මතකය සීමා සහිත විය. අදාහරණ ලෙස EDVAC හා Univac හැදින්විය හැක.




2)    දෙවැනි යුගය--1959-1965

මෙම යුගයේදී පරිගණකය තරමක් දුරට තාක්ෂණයෙන් දියුනු විය. මේ සදහා ට්‍රොන්සිස්ටර් භාවිතා කරන ලදී. මතකය ඉතා විශාල මට්ටමක තිබිනි. වේගය වැඩිය ප්‍රමානයෙන් කුඩාය. උදාහරණ ලෙස  IBM 1400, LEO Mark-iii දැක්විය හැක.



3)    තෙවැනි යුගය--1965-1970

මෙම කාලයේදී පරිගණක වල IC (Integrated circuits) භාවිතා විය. ට්‍රාන්සිස්ටර් 100 ක පමණ කාර්ය එක IC එකකින් ඉටුකරගත හැකි වීම නිසා ප්‍රමාණයෙන් තවත් කුඩා විය. කාර්යක්ශමතාව ඉතා වැඩි විය. උදාහරණ ලෙස IBM 360, VAX ,DPDP  දැක්විය හැක.



4)    සතරවැනි යුගය--1970-1990

මෙම කාලයේ නිපදවු පරිගණක සදහා ඉතා දියුණු තාක්ෂණික ක්‍රමයක් වු VLSI තාක්ෂණය භාවිතා කරණ ලදී.එම හේතුව නිසාම PC ,PCXI හා PCAT වැනි පෞද්ගලික පරිගණක බිහි විය. දියුණු සංයුක්ත තැටි මෙන්ම ඉතා කාර්යක්ෂම පරිගණක භාෂාද බිහිවිය. පරිගණකයේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් කුඩා වුවත් එහි කාර්යක්ෂම ධාරිතාව ඉතාමත් ඉහල විය. උදාහරණ ලෙස PC  වර්ගයේ ඒවා හා ICL 29, IBM 43 දැක්විය හැක.

5)    පස්වැනි යුගය--1990සිට
 
AI ක්‍රමයේ එනම් බුද්ධිමත්භාවයෙන් ඉතා දියුණු වු පරිගණක මෙම වකවානුවේ නිපදවන ලදී. එසේම ඉතා උසස් තත්වයේ භාෂාවන්ද මෙකල විය. 


                                                          මීලගට 
පරිගණකයක ක්‍රියාවලි




 



 

No comments:

Post a Comment